ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඒ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර, ගාසාහි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව දැවැන්ත ආහාර හා මානුෂීය අධාර අවශ්‍ය කෙරෙන බවයි එම සංවිධානය පෙන්වා දෙයි.
මේ වන විට ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමේ මාර්ග ද අවහිර කරමින් ඊශ්‍රායලය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් විදෙස් වාර්තා සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
