කැනඩාවේ වැන්කුවර් නුවර පැවති වීථි සැණකෙළියකට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.
තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව එරට පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් 30 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැන්කුවර් නුවර පදිංචිකරුවෙකි.
පිලිපීනයේ විශාලතම සැමරුමක් ලෙස සැලකෙන, ලපු ලපු දින සැමරුමක් කැනඩාවේ වැන්කූවර් නුවර පැවැත්වෙන අතරතුර අනතුර සිදුව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය ශෝකය පළ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
