Language Switcher

Ad

Ad 01

V2025

බැංකොක් නුවර මාර්ග කොටසක් ගිලා බසී

තායිලන්තයේ බැංකොක් නුවර ප්‍රධාන මාර්ගයක කොටසක් හදිසියේ ගිලා බසී. ඒ හේතුවෙන්, එහි දැඩි හදිසි තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

මධ්‍යම බැංකොක් හි වජිර රෝහල (Vajira Hospital) අසල මාර්ගයක කොටසක් මෙසේ ගිලා බැසීමට ලක් වී තිබේ. ගිලා බැසීමෙන් මාර්ගයේ වර්ග කිලෝමීටර 900 ක ප්‍රදේශයක මීටර 50ක පමණ ගැඹුරින් යුත් ආවාටයක් හට ගෙන ඇත.

යළි දැනුම් තෙක්, එම රෝහළට රෝගීන් ඇතුළු කර නොගන්නා බව දැනුම් දී තිබේ.

භූගත දුම්රිය ආශ්‍රිත ඉදිකිරීමක් හේතුවෙන් අභ්‍යන්තර නාය යාමක් සිදු වී ඇතැයි ද වාර්තා වේ. සිද්ධියෙන් මාර්ග අභ්‍යන්තරයේ එලා තිබූ ජල නල පධතියක් පුපුරා ගිය අතර, විදුලියද විසන්ධි විය.

අනතුරින් කිසිවකු තුවාළ ලබා නැතැයි, තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්වර්කුල් (Anutin Charnvirakul) කියා සිටී. අවට පිරිස් ඉන් ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කර තිබේ.

අනතුර සිදු වූ ස්ථානය සමීප නිරීක්ෂණයේ තබා කටයුතු කෙරෙන බව බලධාරීහු ප්‍රකාශ කරති.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/24/2025


මුලාශ්‍රය :

Thailand works to tackle massive sinkhole in capital