ඉන්දුනීසියාවේ දහසකට අධික පාසල් සිසුන් සංඛ්‍යාවක් ආහාර විෂ වීමෙන් රෝහල් ගත කෙරේ.
පසුගිය දින කිහිපය පුරා එරට බටහිර ජාවා හි, නොමිලේ ලබා දෙන පාසල් දිවා ආහාරය විෂ වීමෙන් හටගත් රෝගී තත්ත්වයන් හේතුවෙන් සෞඛ්‍ය ගැටළු රැසක් පැන නැගී ඇතැයි, අධ්‍යාපන බලධාරීහු පවසති.
ඩොලර් මිලියනන ගණනක් වැය කර එරට ජනපති ගේ ප්‍රධානත්වයෙන්, ඉන්දුනීසියාව පුරා නොමිලේ පාසල් දිවා අහාර වැඩසටහනක් දියත් කර තිබේ.
බටහිර ජාවා හි ප්‍රදේශ හතරකින්, පාසල් දිවා අහාර විෂ වීම් වාර්තා වේ. එම සෞඛ්‍ය හේතූන් උපුටා දක්වමින්, පාසල් දිවා ආහාර වැඩසටහන වහා නතර කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් රජයට බල කර සිටිති.
ඉකුත් සතියේ බටහිර ජාවා සහ මධ්‍යම සුලවෙසි (Sulawesi) පලාත්වල පාසල් දිවා ආහාරය විෂ වීමෙන් සිසුන් 800ක් රෝහල් ගත කෙරිණි.
පාසල් දිවා ආහාර අර්බුදය හේතුවෙන්, ඉන්දුනීසියානු ජනපති ප්‍රබෝවෝ සුබියන්තෝ (Prabowo Subianto) ගේ "නොමිලේ පෝෂ්‍යදායී ආහාර" වැඩසටහන දේශපාලනික වශයෙන්ද විවේචනයට ලක්ව තිබේ.
එරට මිලියන 280 ක ජනගහනය අතුරින් මිලයන 83ක් වෙත වසර අවසන් වීමට ප්‍රථම පෝෂ්‍යදායී ආහාර වේලක් සම්පාදනය කිරීමේ අරමුණින් එම ව්‍යාපෘතිය දියත් කර ඇත. මේ වන විටත්, මිලියන 20ක ජනතාව ඉලක්ක කර,වැඩසටහන ක්‍රියාත්මකය. ඇමෙරිකානු ඩොලර් බිලියන 10.22ක එහි ඇස්තමේන්තු ගත වියදම, එන වසරේ දෙගුණ කිරීමට ද නියමිතය.
දිවා ආහාරය විෂ වීමෙන් පසු ගිය සඳුදා (22), බටහිර බැන්ඩුන් (Bandung ) හි පාසල් සිසුන් 470ක් ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. බදාදා (24) වන විට, සුකබූමි (Sukabumi) හි තවත් පාසල් ළමුන් 580 ක් රෝහල් ගත කිරීමට පියවර ගැනිණි. එම තත්ත්වයන් වාර්තා වූ ප්‍රදේශවල පාසල් දිවා ආහාර සකසන මුළුතැන් පරිශ්‍ර මුද්‍රා තැබීමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
රෝගී සිසුන්ට ප්‍රතිකාර පිණිස තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ද ඉදි කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/25/2025
Over 1,000 Indonesians sick from school meals in more food poisoning outbreaks