ඇෆ්ගනිස්ථානය පුරා අන්තර්ජාලය විසන්ධියි; ජංගම දුරකතනත් ගොළු වෙයි

ඇෆ්ගනිස්ථානය පුරා අන්තර්ජාලය විසන්ධියි; ජංගම දුරකතනත් ගොළු වෙයි

අද (30) ඇෆ්ගනිස්ථානය පුරා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා මුළුමනින්ම බිඳ වැටී ඇතැයි වාර්තා වේ.

තලිබාන් පරිපාලනය ඒ පිලිබඳ මෙතෙක් කිසිදු පැහැදිලි තොරතුරක් ලබා දී නැතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

මීට පෙර මාර්ග ගත කාමුක දර්ශන හුවමාරුව පිලිබඳ එම සංවිධානය විසින් අනතුරු අඟවා තිබිණි. ඒ හේතුවෙන්, ඇතැම් ප්‍රදේශවල අන්තර්ජාල සබඳතා විසන්ධි කිරීමට ද පියවර ගැනිණි.

අදියරෙන් අදියර එරට අන්තර්ජාල සේවා විසන්ධි කෙරෙමින් ඇතැයි, ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/30/2025


Afghanistan's cellphone, internet services down, monitoring shows

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න