Language Switcher

Ad

Ad 01

V2025

පිලිපීන භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළට

පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.

මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් එරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රී 10ට පමණ මෙය ඇති වූ අතර, එය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් විය.

භූ කම්පනය ඇතිවීමෙන් පසු සෙබු නගරයේ විදුලිය ඇනහිටීම් සිදු වූ අතර, ගොඩනැගිලි රැසකටද දැඩි හානි සිදුවිය.

මේ වනවිට තැන් තැන්වල මාර්ග ඉරිතලා ඇති අතර, පාලම් සහ මාර්ගවලටද දැඩි අලාභහානි සිදුව ඇත.

එරට බලධාරීන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම් මෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමේ කටයුතු තවමත් සිදුකරමින් සිටී.

භූ කම්පනයේ බලපෑම් එල්ල වූ සෙබු නගරය තුළ මිලියනයකට ආසන්න ජනගහනයක් ජීවත්වන බව සඳහන්.

පිලිපීනය භූ කම්පන මෙන්ම ස්වාභාවික විපත්වලට නිරන්තරයෙන් ගොදුරුවන රටක් වන අතර, වසරේ විවිධ කාලවලදී ඒ සඳහා එරට ජනතාවට මුහුණදීමට සිදුවේ.

අවසන්වරට 2023 එරට මින්ඩනාඕ හි නැගෙනහිර වෙරළ තීරයට රිච්ටර් මාපකයේ 7.6ක භූමිකම්පාවක් ඇති වූ අතර, ඉන් ගැබිනි කාන්තාවක් ඇතුළුව තිදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

2022 වසරේ වයඹදිග ලුසොන් හි කිලෝමීටර් 15ක් අභ්‍යන්තරයෙන් රිච්ටර් මාපකයේ 7.0 ක භූමිකම්පාවක් ඇති වූ අතර, එමගින්ද පුද්ගලයින් 11කට දිවි අහිමිවිය.

2019 වසරේ මින්ඩනාඕ රිච්ටර් මාපකයේ 6.5ක භූමිකම්පාවක් ඇති වූ අතර, එවර 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

2013 වසරේ බොහොල් දූපත අසල රිච්ටර් මාපකයේ 7.2ක භූමිකම්පාවක් ඇති වූ අතර, එවර 200කට වැඩි පිරිසක් මියගොස් 1,000කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

පිලිපීනය මෑත ඉතිහාසයේ බිහිසුණුම භූමිකම්පාවට 1976 වරේ දී මුහුණ දී ඇති අතර, මොරෝ ගල්ෆ් හි සිදුව ඇති රික්ටර් මාපකයේ 8.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 5,000ක් ජීවිතක්ෂයට පත්ව ඇත.


මුලාශ්‍රය :

State of calamity in Philippines province as earthquake kills 69



Powerful Philippines earthquake leaves at least 69 people dead