ස්පාඤ්ඤ අගමැති : විශ්වාසභංගය පරදියි !

ස්පාඤ්ඤ අගමැති : විශ්වාසභංගය පරදියි !

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය  මරියානෝ රනෝයිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් ඔහු පරාජයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.ඊට අනුව  350 ක් වූ ස්පාඤ්ඤ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් 180 දෙනෙකු අග්‍රාමාත්‍යවරයා ට  විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව තුළ  විශ්වාසභංගයක් ජයග්‍රහණය කිරිමට නම් ජන්ද 176 ක බහුතරයක් ලබාගත යුතුව ඇත. මරියානෝ රනෝයි නායකත්වය දරන ජනතා පක්ෂයේ නිලධාරින් 29 දෙනෙකු පසුගිය සතියේදි ඩොලර් දහස් ගණනක මූල්‍ය වංචාවකට වරදකරුවන් බව එරට අධිකරණය තීන්දුකර තිබූ අතර මෙම විශ්වාසභංගය පරාජයවීම සහ එම චෝදනාව අතර සම්බන්ධයක් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න