ඉන්දියාවේ දිල්ලි අගනුවර රතු චතුරශ්‍රයේ ඊයේ (10) මෝටර් රථයක් පුපුරා ගියේය.
එම අධි බලැති පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනකු ජීවිතක්ෂයට පත්ව 20කට අධික පිරිසක් තුවාළ ලැබූහ.
මිලියන 30කට අධික ජනගහනයක් වෙසෙන අධි ආරක්‍ෂිත නගරයේ සිදුවූ පිපිරීමෙන් පසු, ආසන්නයේ පිහිටි ප්‍රධාන දුම්රියපොළ, ඉන්දියාවේ ආර්ථික අග නගරය වන මුම්බායි මෙන්ම, දිල්ලි ප්‍රාන්ත සීමා ආසන්නයේ පිහිටි උත්තර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන්, එම මෝටර් රථයේ පෙර හිමිකරුවකු බව පැවසෙන සල්මාන් නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිල්ලි නුවර පැරණි ප්‍රදෙශිකයේ මෙට්‍රො දුම්රිය ස්ථානයක් අසල පිපිරීම සිදු විය. දැඩි තදබදයක් සහිත වීදියේ, පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ මළ සිරුරු සහ හානියට පත් මෝටර් රථ රැසක් ද දක්නට හැකි වූ බව, ඉන්දීය එන්.ඩී.ටී.වී. රූපවාහිනිය පැවසීය.
මන්දගාමීව ධාවනය වෙමින් පැමිණි කාර් රථයක් රතු ආලෝකක සංඥාවේ නවතනවාත් සමග එය විශාල ශබ්දයක් නගමින් පුපුරා ගොස් ඇති බව, පොලිසිය පැවසීය. ඉන්දීය වේලාවෙන් ඊයේ ප.ව.7.00ට පමණ පිපිරීම සිදු විය.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් සියලු දෙනා වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදි ශෝකය පළ කළේය. තුවාළ ලත් සියලු දෙනාට ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ඔහු එක්ස් (X) පණිවුඩයකින් දැන්වීය.
පිපිරීමෙන්, අසල තිබූ තවත් මෝටර් රථ 6ක් සහ ත්‍රිරෝද රථ 3ක් ද ගිනි ගෙන විනාශයට පත් විය.
අති විශාල පිපිරීම් හඬකින් තිගැස්සී, හුන් තැනින් බිම ඇද වැටුණු බව, අසල වෙළඳ සැලක සිටියකු පැවසීය.
පිපිරීමෙන් පසු එම ස්ථානය වෙත ලඟා වූ ගිලන් රථ 40කින් පමණ තුවාළ කරුවන් සහ මළ සිරුරු රෝහල් කරා රැගෙන යාමට කටයුතු කෙරිණි.
ත්‍රස්තවාදය වැළක්වීමේ නීතිය යටතේ සිද්ධිය පිලිබඳ කඩිනම් විමර්ශන ආරම්භ කර ඇතැයි, ඉන්දීය පොලිසිය පවසයි. අනීතික ක්‍රියා වැළක්වීමේ පනත යනුවෙන් නම් කර ඇති එය, ඉන්දියාවේ ප්‍රධාන ත්‍රස්ත-විරෝධී නීතිය වේ. ඒ යටතේ, ඉන්දියාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ට එරෙහි ත්‍රස්ත ක්‍රියා විමර්ශනය කෙරේ.
සිද්ධිය පිළිබඳව ඉන්දීය ආරක්ෂක ඉතා ඉක්මනින් සිය තීරණ ප්‍රකාශ කරනු ඇතැයි, ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා (Amit Shah) පැවසීය.
දිල්ලියේ පිහිටි රතු චතුරශ්‍රය, පර්සියානු සහ ඉන්දියානු ගෘහ නිර්මාණ ශෛලීන් අනුව 17 වන සියවසේ මෝගල් යුගයේ ඉදි කෙරුණකි. එය වසර පුරා විසල් දෙස්, විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ගත් පුරා විද්‍යා ස්මාරකයක් ද වේ.
වාර්ෂිකව ඉන්දියාවේ නිදහස් දිනය වන අගෝස්තු 15 වන දා, අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතන්නේ එහි ප්‍රාකාරයේ සිටය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/10/2025
Eight killed in car explosion near Red Fort in India's Delhi
India police exploring 'all possibilities' after Delhi explosion kills eight

