ජෝර්ජියාවේ ඊයේ (11) ගුවන් අනතුරක් සිදු විය.
තුර්කියට අයත් සී-130 (C-130) භාණ්ඩ ප්‍රවාහන හමුදා ගුවන් යානයක් අසර්බයිජානයේ සිට පියාසර කරමින් තිබියදී එම අනතුර සිදු විය. අනතුර සිදුවන අවස්ථාවේ, එහි කාර්ය මණ්ඩලය ඇතුළු 20 දෙනකු ගමන් ගනිමින් සිටි බව වාර්තා වේ.
ගුවන් යානය ගුවනේ සිට කැරකෙමින් පැමිණ බිම පතිතව, ගිනිජාලාවක් බවට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
අසර්බයිජාන දේශ සීමාව ආසන්නයේ අනතුර සිදුව තිබේ. දැවී විනාශ වූ ගුවන් යානයේ සුන් බුන් ප්‍රදේශය පුරා විසිර පවතී. තුර්කි ජනපති ටයීප් එර්ඩොගාන් (Tayyip Erdogan) අනතුරෙන් දිවි අහිමි වූවන් පිලිබඳ ශෝකය ප්‍රකාශ කළේය. ගුවන් අනතුරට හේතුව සහ මිය ගිය පිරිස් පිලිබඳ මෙතෙක් නිශ්චිත සංඛ්‍යා ලේඛන නැතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
එක්සත් ජනපද ලොක්හීඩ් මාර්ටින් සමාගම විසින් සී-130 හර්කියුලිස් ගුවන් යානා නිෂ්පාදනය කෙරේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/12/2025
Turkey says 20 troops killed in Georgia plane crash; inspections ongoing

