ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් මිනිස් පලිහක් කරලා?

ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් මිනිස් පලිහක් කරලා?

ගාසා යුද්ධයේදී ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් මිනිස් පලිහක් ලෙස යොදා ගත් බවට  එක්සත් ජනපදය සතුව බුද්ධි තොරතුරු ඇතැයි, එරට හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු  උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.


පුපුරන ද්‍රවය  සවි කර හෝ ගබඩා කර තිබූ ගාසා තීරයේ උමං පද්ධති තුළට ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනුවන් යැවූ බවට එම හමුදා කළ කතා බහ ඔස්සේ අදාළ තොරතුරු අනාවරණය කර තිබේ.

එක්සත් ජනපද හිටපු  ජනපති, ජෝ බයිඩන් ගේ පාලන සමයේ එම තොරතුරු ධවල මන්දිරයට යොමු කර, බුද්ධි මණ්ඩල අවධානයට යොමු කළ බව සඳහන්ය. සිවිල් පුරවැසියන්, කිනම් ආකාරයේ හෝ හමුදා ක්‍රියාන්විතයක් පිණිස යොදා ගැනීම ජාත්‍යන්තර නීතිය යටතේ සපුරා තහනම් වේ.  

සිවිල් පුද්ගලයින් සිය හමුදා ක්‍රියාකාරකම් පිණිස කිනම් ආකාරයකින් හෝ භාවිතා කිරීම හෝ සහභාගී කර ගැනීම  සපුරා තහනම් බව, ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසති. ගාසා තීරයේ හමුදා ක්‍රියාන්විත පිණිස පලස්තීනුවන් සහභාගී වූවාද යන්න සැක සහිත බව, ඊශ්‍රායල යුධ හමුදා පොලිස්  අපරාධ විමර්ශන කොට්ඨාශය කියයි. එම කොට්ඨාශය විසින් ඒ පිලිබඳ වෙනම විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

ගාසා යුද්ධය පුරාවට හමාස් සංවිධානය විසින්, පලස්තීනුවන් මිනිස් පලිහක් කොට භාවිතා කළ බවට මාධ්‍ය වාර්තා කළේය. ඔවුහු, රෝහල් හා අවතැන් කඳවුරු  වැනි පොදු ස්ථාන තුළ සැඟව සිට ඊශ්‍රායල හමුදා වෙත ප්‍රහාර එල්ල කළහ.

(සටහන | Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න