දකුණු කොරියාවේ ට්‍රක් රථයක් කඩා වැදී 20කට තුවාළ 

දකුණු කොරියාවේ ට්‍රක් රථයක් කඩා වැදී 20කට තුවාළ 
දකුණු කොරියාවේ සැහැල්ලු ට්‍රක් රථයක් වෙළඳ සලක් තුළට කඩා වැදීමෙන් අද (13) අනතුරක් සිදු විය. ඉන් 20 දෙනකුවත් තුවාළ ලබා ඇතැයි, වාර්තා වේ.

අනතුරින්, හෘදයාබාධ වලට ලක් වූ දෙදෙනකු සිහිසුන්ව සිටින බව හදිසි සේවා නිලධාරීහු පැවසූහ. සියොල්  අගනුවර සිට කි.මී.20ක් පමණ බටහිරින් පිහිටි බූචන් (Bucheon) හි එම අනතුර සිදු විය.

රියදුරා විසින් පසුපසට ධාවනය කළ ට්‍රක් රථය, පසුව, මීටර 150ක පමණ දුරක් වෙළඳපොළ  තුළ  වේගයෙන් ඉදිරියට ඇදී  ගිය බව ඇසින් දුටුවෝ පැවසූහ.

එය අනපේක්ෂිත ව සිදුවූවක් බව රියදුරා පවසයි. ඔහු මත්ද්‍රව්‍ය හෝ වෙනත් එවැනි කිසිත් පානය කර නොතිබි බව, පොලිසිය සඳහන් කළේය. ට්‍රක් රථය වැඩි දුර පරීක්ෂණ  පිණිස විමර්ශන නිලධාරීන් වෙත භාර දී තිබේ.  
 
 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න