ජෝර්ජියාවේ  සිදු වූ තුර්කි ගුවන් යානා අනතුරට හේතු තවමත් අවිනිශ්චිතයි

ජෝර්ජියාවේ  සිදු වූ තුර්කි ගුවන් යානා අනතුරට හේතු තවමත් අවිනිශ්චිතයි

පසුගිය දා ජෝර්ජියාවේ දී සිදු වූ ගුවන් අනතුරට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතින බව තුර්කි බලධාරීහු පවසති.

තුර්කියට අයත්  සී-130  (C-130) භාණ්ඩ ප්‍රවාහන හමුදා ගුවන් යානයක් අසර්බයිජානයේ සිට පියාසර කරමින් තිබියදී ජෝර්ජියානු ගුවන් කලාපයේදී අනතුරකට ලක් විය.

අනතුරින්, ගුවන් යානා කාර්ය මණ්ඩලය ඇතුළු එහි ගමන්ගත් සෙබළු 20 දෙනාම ජීවිතක්ෂයට පත් වූහ. සිද්ධිය පිලිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.

  සී-130 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අසර්බයිජානයේ සිට තුර්කිය දක්වා, පියාසර කරමින් තිබිණි.  2020 වසරේ සිට මේ තාක් නැටෝ සාමාජික තුර්කියට අයත් වැඩිම හමුදා භට පිරිසක් එකම ස්ථානයකදී  ජීවිතක්ෂයට පත් සිදුවීම මෙය වේ.

තුර්කි ආරක්ෂක අමාත්‍යංශය, අන්කාරා නුවරදී ගුවන් අනතුර  පිලිබඳ මාධ්‍ය හමුවක් ද කැඳවීය. අනතුරට පත් ගුවන් යානය 2012 වසරේ, සෞදි අරාබියෙන් මිලදී ගත් යානයක් බව එහිදී අනාවරණය විය. එහි නවීකරණ සහ සේවා නියමිත පරිදි සිදු කර ඇති බවද හෙළි විය. අවසන් වරට එහි නඩත්තු සේවා සිදු කර ඇත්තේ පසු ගිය මස දීය. අනතුරට පත් අවස්ථාවේ, ගුවන් යානයේ පුපුරණ  ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙමින් නොතිබූ බවද අනාවරණය විය.

අනතුරින් පසු, තුර්කිය සතු සෙසු සී-130 ගුවන් යානා 18 ද පරික්ෂා කිරීමට පොරොත්තුව පවතී.  

එම පරීක්ෂණ අවසන් වන තෙක් එම වර්ගයට අයත් සියලු  ගුවන් යානාහි ගුවන් ගමන් අත්හිටුවා තිබේ. අනතුරට පත් ගුවන් යානයේ "කළු පෙට්ටියේ" දත්ත විමර්ශනය කෙරෙමින් පවතී.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/13/2025



Turkey: too early to say what caused deadly plane crash


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න