චීන තීරණයට ජපන් ගුවන් සේවා වලින් බාධා නෑ

චීන තීරණයට ජපන් ගුවන් සේවා වලින් බාධා නෑ

ජපානයේ කිසිදු ගුවන් සේවයක් චීන ජාතිකයින්ට ආසන වෙන් කිරීමට බාධා පනවා නැතැයි, ජපානය පවසයි. චීන ජාතිකයින්ට ජපානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එරට රජය පසුගියදා නිවේදන නිකුත් කළේය.

චීන විදේශ අමාත්‍යංශය සිකුරාදා (14) විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, මෙම කාලසීමාව තුළ, චීන ජාතිකයින්ට ජපානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස දන්වා සිටියේය. ජපන් අගමැතිණි, ටකායිචි සානේ ( Takaichi Sanae ) විසින් තායිවානය පිලිබඳ සිදු කළ ප්‍රකාශයක් මුල් කර, ඊට ප්‍රතිචාර ලෙස චීන රජය විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.

මෙම වසරේ, ජනවාරි සිට සැප්තැම්බර තෙක් කාලය තුළ චීන සංචාරකයින් මිලියන 7.48ක් ජපානයට පැමිණ ඇතැයි, ජපානයේ ජාතික සංචාරක සංවිධානය පවසයි. එය, එම කාල සීමාව තුළ වෙනත් රටකින් හෝ කලාපයකින් ජපානය වෙත පැමිණි වැඩිම විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වේ.

චීන රජයේ නව තීරණයෙන් මේ තාක්, සිය ව්‍යාපාරික කටයුතුවලට බාධා එල්ල ව නැතැයි, ඕල් නිපෝන් (All Nippon Airways ) ගුවන් සේවය සහ ජපන් ගුවන් සේවය (Japan Airlines) පවසති.

මේ අතර, ජපානය වෙත සහ ඒ වෙතින් පැමිණීමට වෙන් කළ ආසන නොමිලේ අවලංගු කිරීමට අවස්ථා සලසා ඇතැයි, ප්‍රධාන පෙළ චීන ගුවන් සේවා ඉකුත් සෙනසුරාදා (15) දන්වා සිටියහ.

විදේශ අමාත්‍යංශ නිවේදනය ප්‍රකාරව අදාළ ගමනාන්තය වෙත සහ එහි සිට සිදු කෙරෙන ගුවන් ගමන් පිණිස, ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බව, එයාර් චයිනා ( Air China) ගුවන් සේවය ද සිය වෙබ් අඩවියෙන් කියා සිටී. ජපානයේ තෝකියෝ, ඕසකා සහ අනෙකුත් ගුවන්තොටුපොළ සිට හා ඒ වෙත සිය ගුවන් සේවය මගින් ක්‍රියාත්මක ගුවන් ගමන් වෙනුවෙන් එම පියවර ක්‍රියාත්මකය.

(සටහන | NHK ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/18/2025

Japan airlines unaffected by advisory so far, China airlines offer cancellations | NHK WORLD-JAPAN News

සබැඳි පුවත :

ජපානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය සිය පුරවැසියන්ට දැනුම්දෙයි

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න