චෙක් ජනරජයේ දුම්රිය දෙකක් ගැටේ

චෙක් ජනරජයේ දුම්රිය දෙකක් ගැටේ

චෙක් ජනරජයේ දුම්රිය දෙකක් ගැටී අද (20) අනතුරක් සිදු විය.

අනතුරින් තුවාල ලැබූ මගීන් 5 දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. මගීන් 40ක් සුළු තුවාළ ලබා සිටිති.

ප්‍රාග් නගරයට කි.මී.132ක් දකුණින් පිහිටි ප්‍රදේශයකදී එම අනතුර සිදුව තිබේ. දුම්රිය දෙකෙහි ගමන් ගත්  සියළු මගීන් ඉවත්කර ගත් බව බලධාරීහු පවසති.

අනතුරට හේතු සොයා විමර්ශන ආරම්භ කර  තිබේ. අනතුරට පත් එක් දුම්රියක් නැවතීමේ සංඥා නොතකා ඉදිරියට ධාවනය ව ඇතැයි, මූලික හඳුනාගැනීම් හි දී අනාවරණය වී ඇත.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/20 /2025

Two trains collide in Czech Republic, injuring dozens


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න