ඇමරිකා - උතුරු කොරියා නායක හමුව ඇරඹේ !

ඇමරිකා - උතුරු කොරියා නායක හමුව ඇරඹේ !

ලෝක දේශපාලනය නව පිටුවක් පෙරළමින් උතුරු කොරියා – අමෙරිකා නායකයින් අතර ඓතිහාසික හමුව මේ වනවිට ආරම්භ වී තිබේ.විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම සාකච්ඡාවේ  පළමු  විනාඩි 40 තුළ භාෂා පරිවර්තකයින් දෙදෙනා සමග නායක දෙපළ පමණක් සිටිනු ඇති අතර ඉන් අනතුරුව සෙසු උපදේශකයින් වැඩිදුර සාකච්ඡා සඳහා සහභාගී වනු ඇත.

මේ සම්බන්ධව සාකච්ඡාවට පෙර අදහස් දක්වමින්  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ මෙම  ඓතිහාසික හමුව අතිශය සාර්ථක වනු ඇති බවය.

මේ අතර උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ, සිංගප්පූරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට බාධා තිබූ බවත් ඒ මැඩගෙන සාකච්ඡා සඳහා තම පාර්ශවය කැපවූ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න