බටහිර ඉවුරේ සිට මෝටර් රථයක් පදවා පැමිණි පලස්තීනුවකු ඊයේ (26), උතුරු ඊශ්‍රායලයේ සිවිල් වැසියකු සහ කාන්තාවක් ඝාතනය කර ඇත.
මෝටර් රථයට යට කර පුද්ගල ඝාතනයක් සිදු කිරීමෙන් අනතුරුව ඔහු උල් ආයුධයකින් ඇන එම කාන්තාව ඝාතනය කර තිබේ. සිද්ධියෙන් තරුණයකුද තුවාළ ලබා ඇත.
සිද්ධිය සිදු වූ ස්ථානයේ සිටි තවත් සිවිල් වැසියකුගේ වෙඩි පහරින් තුවාළ ලත් ඝාතකයා රෝහල් ගත කිරීමට පොලිසිය විසින් කටයුතු කෙරිණි.
ඉදිරි ප්‍රහාර වැලැක්වීම පිණිස, බටහිර ඉවුරේ ඛබටියා නගරයේ සියලු වැර යොදා ප්‍රතිචාර දක්වන ලෙස සිය හමුදා වෙත උපදෙස් නිකුත් කර ඇතැයි, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් කියා සිටියේය.
එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරෙන බව එම හමුදා පැවසූහ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
12/27/2025
මුලාශ්‍රය :
Two dead in Palestinian attack in Israel, Israeli authorities say

