මධුසමය අතරමග නැවතූ අලුත බැන්ඳ යුවළගේ ඛේදනීය ඉරණම

මධුසමය අතරමග නැවතූ අලුත බැන්ඳ යුවළගේ ඛේදනීය ඉරණම

ඉන්දියාවේ බැංගලෝරයේදී අලුත විවාහ වූ යුවළක් ශ්‍රී ලංකාවේ සිය මධුසමය අතරමග නවතා දැමීමෙන් පසු, කිලෝමීටර් දහසක් දුරින් පිහිටි ස්ථාන දෙකකදී සියදිවි නසාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඛේදනීය සිදුවීම් මාලාව ආරම්භ වී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා බැංගලෝරයේදී 26 හැවිරිදි තරුණියක් සියදිවි නසා ගැනීමත් සමඟය.

ඇයගේ ස්වාමිපුරුෂයා සහ එම පවුලේ අයගෙන් එල්ල වූ හිරිහැර සහ ප්‍රතික්ෂේප කිරීම් නිසා ඇය මෙම තීරණය ගත් බවට චෝදනා එල්ල වී ඇත.

මෙම තත්ත්වයට මුල් වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ මධුසමය ගත කරමින් සිටියදී, බිරිඳගේ අතීත සබඳතාවක් පිළිබඳව ස්වාමිපුරුෂයාට දැනගන්නට ලැබීමයි.

මේ හේතුවෙන් ඇති වූ ආරවුල් මත ඔවුන් දෙසැම්බර් 21 වන දින සිය මධුසමයට මෙරටට ආ සංචාරය අතරමග නවතා දමා නැවත ඉන්දියාවට ගොස් තිබේ.

සැමියා නාග්පූර්හිදී මියගොස් සිටියදී සොයා ගැනේ, මවගේ තත්ත්වය බරපතලයි

තරුණියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වීමෙන් පසු, ඇයගේ ස්වාමිපුරුෂයා සිය මව සහ සහෝදරයා සමඟ නාග්පූර් වෙත පලා ගොස් ඇත.

එහි ගොස් සිටියදී ඔහු පෙරේදා සියදිවි නසා ගෙන ඇති අතර, ඔහුගේ මවද සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.

ඇය මේ වන විට බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා වන පරිදි, අදාළ තරුණිය පවුලේ ගෞරවය පිළිබඳ සිතා දික්කසාද වීමට අකමැති වී තිබේ.

ඇයට සිය සැමියාගේ නිවසියන්ගෙන් දිගින් දිගටම අවමන් එල්ල වී ඇති බව පුවත් වාර්තාවල සඳහන් වේ.

මේ වන විට කර්නාටක සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(hirunews)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න