ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ චමෝලි ප්‍රදේශයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 60 දෙනකු තුවාල ලබා ඇත.
උත්තරාකන්ඩ් හි චමෝලි දිස්ත්‍රික්කයේ ජල විදුලි ව්‍යාපෘති උමඟක් තුළ සේවය කළ කම්කරුවන් සහ නිලධාරීන් රැගත් දුම්රියක් සහ භාණ්ඩ දුම්රියක් මෙලෙස ඊයේ (30) එකිනෙක ගැටී ඇත.අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 109 දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබු පුද්ගලයින් දස දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වන අතර අනතුර සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

