චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් - චීන ජනපති

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් - චීන ජනපති

2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කර තිබෙනවා.

ගෙවී යන 2025 වසර, චීනයේ “14 වන පස් අවුරුදු” සමයේ අවසාන වසර බව ඔහු එහි දී සඳහන් කළා. චීන ආර්ථිකයේ සමස්ත ප්‍රමාණය නොකඩවා ම නව ඉහළ මට්ටමකට පිවිස ඇති අතර, 2025 වසරේ එම අගය චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

චීනය ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැලඳ ගැනීමට සූදානම් බවත්. ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරමින් විවිධ රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා සඳහන් කළා.

2026 වසර චීනයේ '15 වන පස්අවුරුදු' සැලැස්මේ ආරම්භක වසරයි. එහි ඉලක්ක සහ අරමුණු තහවුරු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට චීනය අපේක්ෂා කරනවා. එමෙන්ම පූර්ණ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදා කර දෙමින්, චීන විශ්මය සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

(දිනූෂි ධීරසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න