කැම්බෝඩියා සහ දකුණු කොරියා ඒකාබද්ධ විමර්ශන ඒකකයක් මගින් විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 26 දෙනකු අත්අඩංගුවට ගැනේ.
මාර්ගගත වංචා සහ දකුණු කොරියානුවන් ඉලක්ක කර ලිංගික අපරාධ සිදු කළ පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. දකුණු කොරියානු ජනපති කාර්යාලය අද (12), ඒ පිලිබඳ නිල වශයෙන් දැනුම් දුන්නේය.
සැකකරුවන්, මාර්ගගත වංචනික ක්‍රියා මගින් දකුණු කොරියානුවන් 165 දෙනකු සතු වොන් බිලියන 26.7 (ඇමෙරිකානු ඩොලර් මිලියන 18.25) ක මුදල් පැහැර ගැනීම් සිදු කර ඇතැයි, වැටලීම් සිදුකළ ද්වීපාර්ශ්වීය කර්ය සාධක බලකාය විසින් අනාවරණය කර ඇත. පොලිස් නිලධාරීන් සහ මූල්‍ය නියාමකයින් ලෙස පෙනී සිටිමින් ඔවුන් එම වංචනික ක්‍රියාවන්හි නිරතව තිබේ.
තවද, එම සැකකරුවන් විසින් කාන්තාවන් යොදා ගනිමින් විවිධ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ නිෂ්පාදන සහ ඡායාරූප ගැනීම් සිදු කර බෙදාහැරීමට කටයුතු කර ඇති බවටද අනාවරණය වී ඇත.
ද්වී පාර්ශ්වීය කාර්ය සාධක බලකාය සහ දකුණු කොරියානු බුද්ධි අංශ එක්ව අදාළ වැටලීම් සිදු කෙරිණි. අත්අඩංගුවට පත් සියලු සැකකරුවන් අධිකරණ ක්‍රියාමාර්ග පිණිස දකුණු කොරියාවට පිටුවහල් කෙරේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/12/2026
(
මුලාශ්‍රය :
Cambodian, South Korean police arrest 26 for alleged scams, sex crimes, Blue House says

