එක්සත් ජනපදයට බොරු දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අල්ලයි

එක්සත් ජනපදයට බොරු දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අල්ලයි

 

වෙළඳසල් සහ අධ්‍යාපනික මධ්‍යස්ථාන තුළ සමූහ වෙඩි තැබීම් සිදුවෙමින් ඇති බවට අසත්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අත්අඩංගුවට ගැනේ. 

අසත්‍ය තොරතුරු දැනුම් දීමේ නියුතු මාර්ග ගත අපරාධ ජාලයක සාමාජිකයකු පිළිබඳව ෆෙඩරල් බුද්ධි කාර්යංශය (FBI ) වෙතින් ලද තොරතුරකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ නිවස ඉකුත් මස පොලිස් පරික්ෂාවට ලක් විය. එහිදී, ඉලෙක්ට්‍රොනික මෙවලම් රැසක් සහ තහනම් ගිනි අවියක් සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඔහුට එරෙහිව විදුලි සංදේශ චෝදනා 12ක් යටතේ සහ තහනම් ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමට පියවර ගැනේ. එක්සත් ජනපදයේ සිල්ලර වෙළඳ සහ අධ්‍යාපන ආයතන තුළ සමූහ වෙඩි තැබීම් සිදුවෙමින් පවතින බවට අවස්ථා ගණනක දී ඔහු විසින් පොලිසිය නොමග යවමින් දුරකථන ඇමතුම් ලබා දී ඇති බවට අනාවරණය විය.

එම අසත්‍ය දුරකථන ඇමතුම් හේතුවෙන් එක්සත් ජනපදයේ දහස් සංඛ්‍යාත ජතාවකට, වෙළඳ ව්‍යාපාර සහ සේවා වෙත දැඩි බාධා එල්ල වූ බවත්, එමගින් සැලකිය යුතු මූල්‍ය හානියක් සිදු වූ බවත් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ වැඩ බලන නියෝජ්‍ය කොමසාරිස් පැවසීය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/13/2026

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

Australian teen charged with making hoax mass shooting calls in the US

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න