කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක් තුළ සිදුවූ දරුණු වෙඩි තැබීමකින් සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකු (10) ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තවත් සිසුන් සහ පාසල් සේවකයින් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී පාසල තුළ සිසුන් විශාල පිරිසක් රැඳී සිට ඇති අතර, ඉන් දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇත. ආරක්ෂක අංශ විසින් අනෙක් සිසුන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
වෙඩි තැබීම ආරම්භ වූ වහාම ක්‍රියාත්මක වූ කැනේඩියානු ආරක්ෂක අංශ පාසල් පරිශ්‍රය වටලා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. එහිදී ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ වෙඩික්කරු ද මියගොස් ඇති බව තහවුරු කර තිබේ
මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

