බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) එරට ශිෂ්‍ය අරගලයෙන් පසු ප්‍රථම මැතිවරණ ජය ඊයේ (12) තහවුරු කර ගත්තේය.
පාර්ලිමේන්තුවේ ආසන 299න් 212ක් ඊට හිමි විය.
පාර්ලිමේන්තුව ආසන 300කින් සමන්විතය. එහෙත්, එක් අපේක්ෂකයකු පසුගිය දා ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව එම ආසනයේ ඡන්ද විමසීම් අවලංගු කෙරිණි.
ප්‍රධාන විපක්ෂය වූ ජමාතේ ඉස්ලාමී පක්ෂය දිනා ගත්තේ ආසන 70ක් පමණි.
නව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සතු වේ.
එම ඡන්ද ප්‍රතිපල අනුව BNP පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියාගේ පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු විය.
ඒ අනුව එරට ඉතිහාසයේ ඡන්ද විමසීම් දෙකක් එකවර පැවැත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.
කෙසේ නමුත් ධුරයෙන් පහකළ එරට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය සඳහා තරග කිරීම තහනම් කර තිබුණි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/13/2026
(
මුලාශ්‍රය :
Bangladesh election live: BNP declares victory for Tarique Rahman to be next PM

