නේපාලයේ දී මගී බස් රථයක් ගඟට පෙරළෙයි; 17ක් මරුට; විදේශිකයින් පිරිසකටත් හානි

නේපාලයේ දී මගී බස් රථයක් ගඟට පෙරළෙයි; 17ක් මරුට; විදේශිකයින් පිරිසකටත් හානි

නේපාලයේ පොකාරා (Pokhara) සිට කත්මණ්ඩු නුවර බලා ධාවනය වූ මගී බස් රථයක් දාදිං දිස්ත්‍රික්කයේ  මහාමාර්ගයෙන් ඉවතට පැන ත්‍රිෂූලි නදියට පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් 26 දෙනකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ වන විට මළසිරුරු 18ක් සොයාගෙන ඇති අතර, මියගිය අය අතර නවසීලන්ත ජාතිකයකුද සිටින බව තහවුරු වී තිබේ.

නේපාල හමුදාව, සන්නද්ධ පොලිස් බළකාය සහ නේපාල පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටි මගීන් 28 දෙනකු බේරාගෙන ඇත. තුවාල ලැබූවන් අතර ජපන් සහ ලන්දේසි (Dutch) ජාතික කාන්තාවන් දෙදෙනකුද වන බව බලධාරීන් සඳහන් කරයි.

තුවාල ලැබූ අය මේ වන විට ප්‍රාදේශීය රෝහල්වල සහ කත්මණ්ඩු නුවර ප්‍රධාන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුව ද, බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම පාලනය ගිලිහී යෑමට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. රාත්‍රී කාලයේ පැවති අඳුර සහ දුෂ්කර භූමි භාගය හේතුවෙන් සහන සේවා කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබුණි.

මූලාශ්‍ර 

18 people killed as bus falls into river in Nepal

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න