දකුණු ලෙබනනයේ ක්‍රියාන්විතවල නිරතව සිටි ඊශ්‍රායල සෙබළෙකු විසින් ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකට හානි කිරීමේ පුවත ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අංශයේ (IDF) සෙබළෙකු විසින් මිටියක් වැනි ආයුධයකින් ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකට පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ලොව පුරා දැඩි කතාබහක් නිර්මාණය විය. මෙම සිදුවීම දකුණු ලෙබනනයේ 'ඩෙබල්' (Debel) නම් කතෝලික ගම්මානයක සිදුව ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය:
සිය එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය නෙතන්යාහු සඳහන් කළේ, මෙම පුවත ඇසීමෙන් තමන් සහ ඊශ්‍රායල වැසියන් අතිශය කම්පනයට පත් වූ බවයි. "ඊශ්‍රායලය සියලු ආගමික විශ්වාසයන්ට ගරු කරන රටක්. මෙම ක්‍රියාව අපගේ සාරධර්මවලට හානිකරයි," යැයි ඔහු පවසා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා බලධාරීන් දැනටමත් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වරදකරු බවට ඔප්පු වන සෙබළාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අග්‍රාමාත්‍යවරයා සහතික වී ඇති අතර මෙම සිදුවීම හේතුවෙන් ලෙබනනයේ සහ ලොව පුරා සිටින කිතුනු බැතිමතුන්ගේ සිත් රිදවීම පිළිබඳව ඊශ්‍රායල රජය සිය කණගාටුව පළ කර තිබේ.
ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් (Gideon Sa’ar) ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටි අතර, එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බව අවධාරණය කළේය. මේ වන විට අදාළ ප්‍රතිමාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවට සහාය වීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
