කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලයට වෙඩි ප්‍රහාරයක් !

කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලයට වෙඩි ප්‍රහාරයක් !

අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය වෙත එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

jarrodramosමේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් අමෙරිකානු පුවත්පත් කාර්යාලයේ ප්‍රවෘත්ති කාමරය තුළට එහි වීදුරු දොර ඔස්සේ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ 20 හැවිරිදි තරුණයකු වන අතර මේ වන විටත් එම  සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව මේරිලෑන්ඩ් පොලිසිය සඳහන් කරන බවද  එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

සාරා සැන්ඩර්ස්ගේ  ට්වීටර් සටහන 

Capturesaras

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනපතිගේ මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කර ඇත්තේ  මෙය අහිංසක මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයක් බවත් සිත් පිත් නැති ප්‍රචණ්ඩකාරී දුෂ්ඨ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවත් ය.

Dg1MITIXcAAACs4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න