තම භට කණ්ඩායම් සහ ඔවුන්ගේ පවුල්වලට සීමාව ඉක්මවා අතිරේක ආහාර සහ ඉන්ධන සැපයීමේ වරදට උතුරු කොරියානු මහජන හමුදාවේ උසස් නිළධාරියෙකුට මරණ දඩුවම නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි සඳහන් ආකාරයට අදාළ කටයුත්තේදී එම නිලධාරියා හමුදා නීතිය සහ කම්කරු පක්ෂයේ නීති උල්ලංඝණය කල ඇති බව සඳහන් කරමින් මෙම දඬුවම නියමකර තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් එම නියෝගය සිදු කර ඇති අතර දඬුවම නියම වූ හමුදා නිළධාරියා උතුරු කොරියානු හමුදාවේ ලුතිතන් කර්නල්වරයෙකු බව ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
