පැවතෙන ජාතිය අමතක කරන්න : මහතීර් යෞවනයෙන් ඉල්ලයි ! 

පැවතෙන ජාතිය අමතක කරන්න : මහතීර් යෞවනයෙන් ඉල්ලයි ! 

තමන් පැවතෙන ජාතිය අමතක කොට සියල්ලන් ශුද්ධ මැලේසියානුවන් ලෙස සිතිය යුතු බව අග්‍රාමාත්‍ය ධුරයට නැවත පත්වූ මහතීර් මොහොමඩ් එරට  යොවුන් පරපුරෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිංගප්පූරු රූපවාහිනී සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර  මැලේසියාව බහුවාර්ගික, බහුභාෂා, බහු ආගමික රටක් පමණක් නොව බහු සංස්කෘතික දේශයක් ලෙස සැළකිය යුතු බවද අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ.

 එසේම පැවතෙන ජාතිය අමතක කොට සියල්ලන් එක්ව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් රටේ සංවර්ධනයට එය අත්‍යාවශ්‍ය බවද මහතීර් අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

මැලේසියාවේ ජනගහණයෙන් සියයට 70 ක් ස්වදේශිකයන් වන අතර, හතරෙන් එකක් චීන සම්භවයක් සහිතය. ඉන්දියානුවන් ඇතුලු අනෙකුත් ජාතීන්ගෙන්ද  මැලේසියානු ජනගහණය සමන්විත වන අතර එහි ජාතිකත්ව පදනමින් වාද විවාද මතුවුවද  1969 වසරෙන් පසු මැලේසියාවේ වාර්ගික ගැටුමක් ඇතිවී නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න