මෙක්සිකෝ ජනාධිපතිවරණයේ ජය වාමාංශික අපේක්ෂක ලෝපේස්ට !

මෙක්සිකෝ ජනාධිපතිවරණයේ ජය වාමාංශික අපේක්ෂක ලෝපේස්ට !

මෙක්සිකෝවේ ඊයේ (01) පැවැති ජනාධිපතිවරණයෙන් වාමාංශික අපේක්ෂකයා  වූ ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපේස් ජයග්‍රහණය කර ඇත.

එහිදී  ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපේස්  53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ  දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇති අපේක්ෂකයාට වඩා දෙගුණයක  ඡන්ද ප්‍රතිශතකයක් ලබා ගැනීමට ලෝපේස් සමත්ව ඇති බවය. 

"මෙක්සිකෝ සිටි" හී හිටපු නගරාධිපතිවරයාද  වන ලෝපේස්  ජනාධිපතිවරණයෙදී ජනතාවට ලබාදී ඇති ප්‍රධාන පොරොන්දුව වී ඇත්තේ රට තුළ පවතින දුෂණය තුරන් කරන බවය. ඒ පිළිබඳ එරට වැසියන් මෙන්ම මාධ්‍යද දැඩි අවධානයකින් පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත.

මේ අතර පාලක විප්ලවවාදී පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයාට  ජනාධිපතිවරණයේදී ලැබී ඇත්තේ  තුන්වන ස්ථානය වන අතර මෙය  පසුගිය කාලයක් පුරාවට  මෙම විප්ලවාදී පක්ෂය විසින් මෙක්සිකානු දේශපාලනය තුළ පවත්වාගෙන සිටි  ආධිපත්‍යය දෙදරා යාමක් ලෙස විචාරයකයින් හඳුන්වාදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න