තායිලන්ත ගුහාවේ අතුරුදහන්වූ දරුවන් හමුවේ : ඒත් ඉවතට ගැනීම ප්‍රශ්නයක් ! 

තායිලන්ත ගුහාවේ අතුරුදහන්වූ දරුවන් හමුවේ : ඒත් ඉවතට ගැනීම ප්‍රශ්නයක් ! 

දින 9 ක් තිස්සේ තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ (පිරිමි) දරුවන්  12 දෙනා  සහ ඔවුන්ගේ පුහුණුකරු ඊයේ (2) දා දුෂ්කර  මෙහෙයුමකින් පසු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ  එම ලෙන් මුඛයේ සිට කිලෝමීටර් 4ක් පමණ ඈතින් පිහිටි  කුඩා වියළි ස්ථානයක රැඳී සිටියදීය. එහිදී ඔවුන්ව පළමුව සොයාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම් කරුවන් දෙදෙනෙකු වන අතර ඒ අවස්ථාවේ එම කණ්ඩායම දැඩි කුසගින්නකින් පසුව ඇති බවද සඳහන් වෙයි.

උතුරු තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් නමැති මෙම ගුහාව අධික වර්ෂාව නිසා ජලයෙන් යටවී තිබූ බැවින් මොවුන් බේරාගැනීම සදහා දුෂ්කර  ජීවිතාරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමට සිදුව ඇති අතර මේ වන විට එම කණ්ඩායම  බේරාගත් නමුත් ඔවුන්ව ගුහාවෙන් එළියට ගැනීම ප්‍රශ්නයක් වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ එම ගුහාවේ විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති නිසාය. එහෙයින් ජීවිතාරක්ෂක කණ්ඩායම් වල අදහස වී ඇත්තේ එම කණ්ඩායම ගුහාවෙන් පිටතට ගැනීමට නම් ඔවුන් වෙත පිහිනුම් සහ කිමිදුම් පුහුණුවක් ලබාදිය යුතුව ඇති බවත් එමෙන්ම ගංවතුර පහව යන තුරු ගුහාවේ විසීමට පුහුණු කිරීමටද සිදුවන බවය.

එසේම මාස හතරක පමණ කාලයකට අවශ්‍ය ආහාර ඇතුළු ජලයද සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යද ලෙන තුළට සැපයීමට සිදුව ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.
මෙම  දරුවන් 12 දෙනා වයස අවුරුදු 11 ත් 16 ත් පසුවන අතර පුහුණුකරු වයස අවුරුදු 25 ත් පසුවන අතර මෙම කණ්ඩායම  අතුරුදහන් වී ඇත්තේ ජූනි 23 දා සිටය. 

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය ද ඇතුලු රටවල විශේෂ හමුදා  කණ්ඩායම්වල සහය මීට ලැබී ඇති අතර  1,000 කට අධික පිරිසක් මෙම ජීවිතාරක්ෂක මෙහෙයුමට දායකවූ බවද වාර්තා වෙයි.

images 14

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න