පැය 24 ක් ඇතුළත බ්‍රිතාන්‍ය ඇමතිවරු 2ක්  ඉල්ලා අස්වෙති

පැය 24 ක් ඇතුළත බ්‍රිතාන්‍ය ඇමතිවරු 2ක්  ඉල්ලා අස්වෙති

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් මතු වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් සිය පදවියෙන් ඉල්ලා අස් වී තිබේ.

විදේශ ලේකම්වරයා ඉල්ලා අස්වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම (බ්‍රෙක්සිට්) සම්බන්ධ අමාත්‍ය ඩේවිඩ් ඩේවිස් ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසුවය.

අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සම්බන්ධ සිය සැලසුම බොහෝ මන්ත්‍රීවරුන්ගේ කෝපයට හේතු වී තිබෙන අතර, බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ අගමැතිනිය සිය සැලසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විනාඩි 30 කට කලිනි.

හිටපු විදේශ ලේකම්වරයාට ස්තුතිය පුදකරමින් නිවේදනයක් නිකුත් කළ අගමැති කාර්යාලය, ඉක්මනින්ම නව විදේශ ලේකම්වරයෙකු පත්කරන බව දැනුම් දුන්නේය.

බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීමත් සමග "ඉතා අපහසු සහ දුෂ්කර තත්වයකට" පත්ව සිටි අගමැතිනි තෙරේසා මේ, "දරුණු අර්බුදයක්" දක්වා ඇද දැමීමට "ඉඩ තිබෙන" බව දේශපාලන කටයුතු පිළිබඳ බීබීසී සංස්කාරකවරිය ලෝරා කුසේන්බර්ග් පවසයි.

සඳුදා සවස් යාමයේ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවකට පෙරාතුව අදහස් දැක්වූ අගමැතිවරියගේ නිල ප්‍රකාශකයා, අගමැතිනිය පදවියෙන් ඉවත් කිරීමට උත්සාහ කළහොත් ඇය එයට එරෙහිව සටන් වදිනු ඇතැයි කියා සිටියේය.

2019 මාර්තු 29 වෙනි දින බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතය. එහෙත් ඉන් අනතරුව දෙපාර්ශ්වය අතර වෙළෙඳ සම්බන්ධතා පැවැත්වෙන්නේ කෙලෙස ද යන්න සම්බන්ධයෙන් දෙපාර්ශවය තවමත් එකඟත්වයකට පැමිණ නැත.

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න