Language Switcher

V2025

ඇමරිකානු ගුවන් සේවය : ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වෙයි !

ඇමරිකානු ගුවන් සේවය මේ මස සිට ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වන බව ජුලි 10 වනදා  නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එහිදී භාවිත කළ ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත බීමට භාවිතා කර ගන්නා කප්, බීම බට වැනි දිරාපත් නොවන ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ප්‍රකාශ කර ඇත.
 
ඒවා වෙනුවට පිදුරු හා දැව වැනි දිරාපත් වන ද්‍රව්‍යවලින් නිෂ්පාදිත උපකරණ භාවිතා කරන බවත්  පරිසර හිතකමි ඇඳුම් පැළඳුම් වෙත මාරු වන බවටත් ගුවන් සමාගම නිවේදනය කර ඇත.
 
එමෙන්ම මේ මස සිට ආරම්භ වන මෙම ගුවන්යානා සංකීර්ණවල සියළුම ගුවන්තොටුපොළවල් සහ පරිසර හිතකාමී විකල්පයන් භාවිතා කිරීම ආරම්භ කරන බව ගුවන් සමාගම සඳහන් කරයි.
 
සමාගම ගත් මෙම පියවර මගින් වාර්ෂිකව ප්ලාස්ටික් රාත්තල් 71,000 ක් තුරන් කිරීමට හැකි වනු බවද සමාගම ගණන් බලා ඇත.
 
ඇමරිකානු ගුවන් සේවා සමාගමේ උපසභාපති ජිල් සර්ඩෙක් සඳහන් කර සිටින්නේ  සමාගම හරිත විකල්පයන් වෙත මාරු කටයුතු කළ බවයි.
එසේම "පරිසරය කෙරෙහි  මෙම ද්‍රව්‍යවලින් වන බලපෑම නතර කර අනාගත පරම්පරාව සඳහා ලෝකය තිරසාර කිරීමට අපේ කොටස ඉටු කිරීමට අපි කැපවී සිටිමු" ලෙසද ඔහු සඳහන් කර ඇත.
 
ඇමරිකන් එයාර්ලයින්ස් යනු ලොව විශාලතම ගුවන් සේවා සමාගම වන අතර, ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වී පිදුරු භාවිතයට ලක් වූ විශාලතම සමාගම් අතරින් එකක් ලෙස හැඳින්විය හැකිය.
 
එමෙන්ම 2020 වර්ෂය වන විට එය සියළුම ගබඩා තුළ ප්ලාස්ටික් පිදුරු කඩිනමින් විසුරුවා හරින බවයි.