නවාස් ෂරීෆ් අත්අඩංගුවට !

නවාස් ෂරීෆ් අත්අඩංගුවට !

පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ඊයේ  (13) ලාහෝර් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබිණි. 

ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා වලට වරදකරු කරමින් පාකිස්තාන අධිකරණයක් ඉකුත් දා හිටපු අගමැතිවරයාට වසර දහයක සිර දඬුවමක් නියම කිරීම නිසාය.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ලන්ඩනයේ සිට පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී මෙසේ  හිටපු අගමැතිවරයා සමඟ ඔහුගේ දියණිය ද අත්අඩංගුවට පත්වූ අතර නවාස් ෂරීෆ්ට සහාය දක්වන පාක්ෂිකයන්ගේ විරෝධතා නැවැත්වීම සඳහා ආරක්ෂක අංශ නගරයේ ස්ථාන කිහිපයක ස්ථාන ගත කිරීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එළඹෙන 25 වනදා පැවැත්වෙන පකිස්තාන මැතිවරණය හමුවේ නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය  ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සමඟ ප්‍රබල තරගයකට මුහුණ දී සිටින අතර හිටපු අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීම ඔහුගේ පක්ෂයට දැඩි බලපෑමක් කරනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර  හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාකිස්තානයේ ආරක්ෂක අංශවල සහාය හිමිවන බවට ද චෝදනා එල්ල වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න