පෞද්ගලික දේපළ අත්පත් කරගැනීම සඳහා ප්‍රථම වරට ඉඩ සළසමින් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට කියුබාව සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව 1959 වසරේදී කියුබානු විප්ලවයෙන් ෆිදෙල් කස්ත්‍රෝ බලයට පැමිණීමෙන් 2011 වසරේ වරක් පමණක් සංශෝධනය වූ කියුබානු ව්‍යවස්ථාව වසර 7 කට පසුව යළිත් සංශෝධනයවීමට නියමිතව ඇත.
1959 කියුබානු විප්ලවයෙන් පසුව සැකසුණු ව්‍යවස්ථාවේ පෞද්ගලික දේපළ අලෙවිය තහනම් කළ අතර, 2011 වසරේ එයට සංශෝධනයක් එක් කෙරිණ.
ඒ අනුව ඉදිරි සතියේ සිදුවන නව සංශෝධනය හරහා පෞද්ගලික දේපළ පරිහරණය සඳහා ඉඩ සළසමින් සකස් කර ඇති බව වාර්තා වන අතර ඒ මගින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නව විධිවිධානද ඇතුළත් කර ඇති බවද වාර්තා වෙයි.
එසේම නව කියුබානු ව්‍යවස්ථාව මේ වසරේදී ජනමත විචාරණයකටද ලක් කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
