කිසිඳු අධිකරණ ක්‍රියාවලියකින් තොරව බංග්ලාදේශ පොලීසිය විසින් මත්කුඩු ජාවාරම් සිදුකරන පුද්ගලයින් ලෙස 200 දෙනෙකු ඝාතනය කර තිබෙන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කර සිටියි.
විදෙස් වාර්තා පවසන ආකාරයට බංගලාදේශයද පිලිපීනයේ පසුගිය සමයේ දියත්කළ ක්‍රමවේදයට සමාන මර්දනයක් එරට ක්‍රියාත්මක කරවීම තුල මෙලෙස මත් ජාවාරම්කරුවන් ඝාතනය කිරීම ආරම්භ කර ඇත.
බංගලාදේශයේ මත්කුඩු මර්දනය කිරීමේ වැඩපිළිවෙල පසුගිය මැයි මාසයේදී ආරම්භ වීමත් සමග මේ වන විටත් පුද්ගලයින් 25000 ක් පමණ සිරගතකර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන බංග්ලාදේශ රජයේ නිලධාරින් පවසන්නේ අඩු මිලට මත් පෙති විකිණීම සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
