විශ්වාසභංගයෙන් මෝදිගේ ආණ්ඩුවත් දිනයි ! 

විශ්වාසභංගයෙන් මෝදිගේ ආණ්ඩුවත් දිනයි ! 

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව  ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්ව ඇත.

ඊට අදාළව පැවති ජන්ද විමසීමේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ආණ්ඩුව පහසු ජයග්‍රහනයක් හිමි කර ගෙන ඇති අතර  පාර්ලිමේන්තු සභිකයින් 451ක්  අතුරින් 325 ක බහුතර ඡන්දයෙනි.

 එහිදී රජයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුනේ සභිකයින් 126 දෙනෙකු පමණක් වන අතර  විශ්වාසභංගය ජය ගැනීමට නම් සභිකයින් 226 දෙනෙකුගේ ඡන්දය ලැබිය යුතුව තිබිණ.

මෙම විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණේ ආන්ද්‍ර ප්‍රදේශ් මහඇමති චන්ද්‍රබාබු නායිදුගේ මැදිහත්වීමෙන් වන ඇතා  විශ්වාසභංග ඡන්ද විමසීම ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ පැවැත්වුනේ පැය 12 ක් පුරා පැවති විවාදයෙන් අනතුරුවය.

විවාදය ආරම්භ කළ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ සහ ඉන්දීය රජයේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළේ ය. පැයකට අධික කාලයක් පැවති සිය දීර්ඝ කතාව අවසන් කළ රාහුල් ගාන්ධී, අග්‍රාමාත්‍ය මෝදී සිප වැලැඳ ගැනීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විණි.

ඔහු එහිදී අග්‍රාමාත්‍යවරයාට පැවසූවේ, ඔබට අවශ්‍ය නම් මට අපහාස කළ හැකි බවය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පාර්ලිමෙන්තුව විවාදයට එක්වුනේ ඉන් අනතුරුව වන අතර එහිදී දීර්ඝ කතාවක් කළ අගමැති මෝදී අවසානයේ රාහුල් ගාන්ධීගේ තර්ක එකින් එක බිඳ දැමුවේ ය.

විශ්වාසභංගය සඳහා වූ ඡන්ද විමසීමේදී තෙලංගානා ප්‍රාන්තයේ පාලක පක්ෂය මෙන්ම තමිල්නාඩුවේ පාලක ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ද මෝදි රජයට සහය පළ කිරීම කැපීපෙනුන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න