Image

ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ ජනපති අතර හමුවක්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ ජනපති අතර හමුවක්

ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට සහභාගි විය.

ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත්, ඒ වෙනුවෙන් එක්වන ලෙසත් ජනාධිපතිවරයා ආයෝජකයින්ට ආරාධනා කළේ ය.

WhatsApp Image 2026 06 23 at 3.55.33 AM

වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කරමින්, එහි දී ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, වෙළෙඳපොළ අවස්ථා ඉහළ නංවාගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කර ගැනීම සහ කෝටා ප්‍රමාණ ඉහළ නංවාගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කළේ ය.

WhatsApp Image 2026 06 23 at 3.55.32 AM

අයථා ලෙස උපයන ධනය මෙරටින් පිටතට ගලා යෑම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න