හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක සුගීෂ්වර බණ්ඩාර ලබන 22 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (08) නියෝග කළේ ය.
පොදු දේපළ පනත යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බැවින් අප ලබා දිය නොහැකි බවත් ඇප දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නැති බවත් කියමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා පිටු පහකින් යුක්ත ඇප නියෝගය කියවා දුන්නේ ය.
පාවා දීමේ ප්‍රකාශය
සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ මධ්‍යම විශේෂ කාර්යශය විසින් අධිකරණයට දන්වා සිටියේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රකාශ දෙකක් මේ වන විට ලබාගෙන ඇති බවයි. මුලින් ලබා දුන් ප්‍රකාශයේ එම ජනාධිපති වැය ශීර්ෂයකට ලැබුණු මුදලින් පුද්ගලික ලේකම්වරයාට අදාළ වැටුප තමන් භාවිතා කළ බවට ප්‍රකාශ ලබා දුන්න ද දෙවන ප්‍රකාශයේ එම මුදල් වෙනත් අයකුට අතින් ලබා දුන් බවට ප්‍රකාශ කර ඇතැයි ද පොලිසිය අධිකර දන්වා සිටියේ ය. එසේම ඒ සම්බන්ධයෙන් විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂකවරුන් තිදෙනකු ගෙන් මෙවැනි ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය. එම අධ්‍යක්ෂකවරුන් තිදෙනා එකිනෙකාට හඳුනන්නේ නැති බවට ප්‍රකාශවලින් අනාවරණය කර ඇති බව ද අධිකරණයට දන්වා සිටි පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද කීවේ ය. එසේම විශේෂ ව්‍යාපෘතියේ සේවකයින් එකසිය විස්සකට අධික ප්‍රමාණයකින් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් ඊට කාලයක් ගතවන බවත් කියා සිටි පොලිසිය සැකකරුට ඇප ලබා ද නොහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් සිදුවිය හැකි බැවින් අප ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයට ඉල්ලා සිටියෙ ය.
පැමිණිල්ල මගින් දේශපාලනය කරන අයට මුදල් යෙදූ බවට කියනවා
එහි දී විශේෂ ව්‍යාපෘතියට කළ කාර්යයන් සම්බන්ධයෙන් ලැයිස්තුවක් තිබෙනවා දැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසා සිටියේ ය. ඊට පිළිතුරු ලබා දෙමින් පොලිසිය ප්‍රකාශ කළේ ඊට අදාළව ද විමර්ශන සිදු කරන බව යි. මහේස්ත්‍රාත්වරයා තවදුරටත් ප්‍රශ්න කරමින් පොලිසියෙන් විමසා සිටියේ පැමිණිල්ල මගින් දේශපාලනය කරන අයට මුදල් යෙදූ බවට කියනවා ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මොනවාද යන්න ය. ඊට අදාළව ඉදිරි දින සවිස්සරාත්මක වාර්තාවක් අධිකරණ ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇපදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නැති බැවින් සැකකරු ලබන විසි දෙක දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
