ඉන්දුනීසියාවේ භූමි කම්පාවෙන් 319ක්  මියගිහින් 

ඉන්දුනීසියාවේ භූමි කම්පාවෙන් 319ක්  මියගිහින් 

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතට පසුගිය ඉරිදා (5) ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන 319ක් දක්වා වැඩි වී ඇතැයි එරට බලධාරීන් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොම්බොක් දූපතේ ඊයේ  (9) තවත් භූමි කම්පාවක් ඇති වූ අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් ලෙස සටහන් ව තිබිණි. එරට නිලධාරීන් ඉරිදා ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන ප්‍රකාශයට පත් කළේ ඉන් අනතුරුවය. 

“ඉරිදා ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන 319ක්” යැයි ඊයේ  (9) ඉන්දුනීසියාවේ ප්‍රධාන ආරක්ෂක අමාත්‍ය විරන්ටෝ පවසා ඇත

ඉරිදා ඇති වූ භූමි කම්පාවෙන් පසු, පසුකම්පන කිහිපයක්ම ඇති වූ අතර ඊයේ  (9) ඇති වූ භූමි කම්පාව ඉන් පසු ඇති වූ ප්‍රබලතම භූමි කම්පාව විය.

ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් 270,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ද 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද ඇතැම් අයගේ තත්ත්වය තරමක් බරපතළ යැයි ද ඉන්දුනීසියාවේ ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න