ඉම්රාන් ඛාන් දිවුරුම් දෙයි !

ඉම්රාන් ඛාන් දිවුරුම් දෙයි !

හිටපු ක්‍රිකට් කීඩක ඉම්රාන් ඛාන් පකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඊට අනුව පකිස්ථානයේ ඊයේ(17) පැවති ජාතික රැස්වීමේදී පැවැත්වූ ඡන්දයෙන්  ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය සඳහා 176 දෙනෙකුගේ සහය ලැබී ඇත.

පසුගිය ජූලි මාසයේදී පැවති මැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු අගමැති ධූරය අත්කර ගැනීම සඳහා එරට කුඩා පක්ෂ සමග සන්ධානගතව සිටියි.

65 වන වියේ පසුවන ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුව අමතමින් සිය මැතිවරණ පොරොන්දු පිළිබඳව නැවතත් අවධාරණය කර ඇති අතර දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තරුණයින් සඳහා අවස්ථාව වැඩි දියුණු කිරීමටත් කටයුතු කරන බවත් එහිදී ඔහු සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න