V2025

ඇෆ්ගන් ජනාධිපති මන්දිරයට රොකට් ප්‍රහාර !

ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානි, රූපවාහිනිය ඔස්සේ සජීවීව වැඩසටහනකට එක්ව සිටියදී ජනාධිපති මන්දිරය දෙසට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  

එම මාධ්‍ය වාර්තා  ජනාධිපතිවරයා හජ් උත්සවය නිමිත්තෙන් සජීව විකාශයක් හරහා ජනතාව අමතමින් සිට ඇති අතර ඒ අවස්ථාවේ ජනාධිපති මන්දිරය දෙසට මෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයද  ඇතුළු කාබුල් අගනුවරට මෙම  රොකට් ප්‍රහාර එල්ලවී තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැති  අතර එය තලෙයිබාන් සංවිධානයේ ක්‍රියාවක් බවට සැකමතුව ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන්කර ඇත.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found