දැඩි තීන්දු දෙකක් ට්‍රම්ප් දන්වයි !

දැඩි තීන්දු දෙකක් ට්‍රම්ප් දන්වයි !

අන්රා නමින් හඳුන්වන එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට ලබා දෙන සියළු ආධාර කපා හැරීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1949 දෙසැම්බර් 8 වනදා ස්ථාපිත කරන ලද මෙම ආයතනයේ  ලියාපදිංචිය ලබා ඇති සරණාගතයින් ප්‍රමාණය මිලියන 5ක් පමණ වන අතර  අන්රා සරණාගත ආයතනය වෙනුවෙන් ලබා දෙන ආධාරවලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජනවාරි මාසයේ සිට නතර කරන බව ඇමරිකානු බලධාරීන් දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් ඇමරිකාවේ මෙම තීරණය  පලස්තීන ජනතාවට එරෙහි ප්‍රබල ප්‍රහාරයක් බව සඳහන් කර ඇත.

WTO වෙතින් ඇමරිකාව ඉවත් වෙයි ?

මේ අතර ඇමරිකාව ලෝක වෙළෙඳ සංවිධානයෙන්  ඉවත් කරගන්නා බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්  තම පාලනයේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ WTO ආර්ථික ප්‍රතිපත්ති පරස්පර වන බවත්  ලෝක වෙළෙඳ සංවිධානය අමෙරිකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකරයේ වෙනසක් සිදු නොවන්නේ නම් ඉදිරියේදී එම සංවිධානයෙන් ඉවත්වන බවත්  ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න