ඉන්දුනීසියාවේ සුනාමියෙන් මියගිය ගණන 1000 පනියි !

ඉන්දුනීසියාවේ සුනාමියෙන් මියගිය ගණන 1000 පනියි !

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනය හා සුනාමි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 900ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා පවසන්නේ මෙම සංඛ්‍යාව දහසක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි.

ආපදා සහන සේවා කණ්ඩායම් පවසන්නේ කම්පනයෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය පෙර ගණනය කිරීම් වලට වඩා බොහෝ සෙයින් වැඩි බවයි.

පාලු නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 24 දෙනෙකු බේරා ගත් බවද එහි සුනබුන් වලට යටවී තවත් බොහෝ පිරිස් සිරවී ඇති බවට සැකකරන බවද බලධාරීහු පවසති.

රතු කුරුස සංවිධානය පවසන්නේ මිලියන 1.6කට වැඩි පිරිසක් ආපදාවට පත්වී ඇති බවයි.

"සෑම මිනිත්තුවකට වරක් ගිලන් රියක් මළ සිරුරු රැගෙන එනවා. නගරයේ පිරිසිදු ජලය හිඟයි. සෑම ස්ථානයකම මංකොල්ලකෑම් හා පැහැරගැනීම් වාර්තා වෙනවා. ඉතාම භයංකර තත්ත්වයක් " යැයි සහන සේවා මධ්‍යස්ථානයක ප්‍රකාශකයෙක් පැවසු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න