ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානීයා සොයා විමර්ශනයක් !

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානීයා සොයා විමර්ශනයක් !

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි අතුරුදන් වීම පිළිබඳව ප්‍රංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිය පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දී ඇති බව ය.

ඔහු ප්‍රංශය තුළදී අතුරුදන් වී නොමැති බවට AFP පුවත් සේවයට ප්‍රංශ විමර්ශකයින්ට සමීප මුලාශ්‍රයකින් තොරතුරු ලැබී තිබේ.

මෙං හොංවෙයි චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මෙං හොංවෙයි

2016 නොවැම්බර් මසදී ජාත්‍යාන්තර පොලිසියේ සභාපති ධුරයට තේරී පත්විය.ඔහු වසර 2020 වන තෙක් එම ධුරයේ සේවය කිරීමට නියමිතව තිබිණි.චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ඔහු එරට මහජන ආරක්ෂාව පිළිබඳ උප අමාත්‍යවරයා ලෙස ද ක්‍රියා කර ඇත.පොලීස් හා අපරාධ යුක්තිය පිළිබඳ වසර 40 ක අත්දැකීම් ඇත්තෙකි.

ඔහු ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා ලෙස තේරී පත් වූයේ, වසර දෙකකට පෙර ය.

මෙං හොංවෙයිගේ බිරිඳ සිය ස්වාමි පුරුෂයා අතුරුදන් වී ඇති බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා බවට පත්වීමට පෙර ඔහු චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරීය.

බීබීසී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න