Image

අන්තර්ජාල වංචාවේ සැකකරුවන් 15 දෙනකු නඩුවෙන් මුදා හැරේ

අන්තර්ජාල වංචාවේ සැකකරුවන් 15 දෙනකු නඩුවෙන් මුදා හැරේ

අන්තර්ජාලය හරහා නීති විරෝධී ක්‍රියා සිදු කරන බවට සැක පිට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදේශ ජාතිකයන් 49 දෙනා අතරින් 15 දෙනෙක් මෙම නඩුවෙන් මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළේ ය.

කොල්ලුපිටිය පොලිසිය විසින් මහල් ගොඩනැගිල්ලක සිටියදී සිදු කළ පරීක්ෂාවක දී වලංගු වීසා බලපත්‍ර නොමැතිව සිටිය දී අත්අඩංගුවට ගත් මෙම පිරිස අතරින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චීන ජාතිකයන් හය දෙනා ගේ වීසා අයදුම් කිරීමට විදේශ ගමන් බලපත් මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් ලබන ජූලි 1 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙම පිරිස අපරාධ සිදු කළ බවට මෙතෙක් අනාවරණය වී නැති බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වලංගු වීසා නොමැතිව මෙරට රැදී සිටින බවට දන්වා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න