හිටපු ජනාධිපති වසර 15ක් හිරේ 

හිටපු ජනාධිපති වසර 15ක් හිරේ 

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති Lee Myung-bak දූෂණ චෝදනා මත වසර 15කට සිරගත කර තිබේ.

අල්ලස් ලබා ගැනීම්, මූල්‍ය වංචා සහ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් සෝල් නුවර අධිකරණයකින් මෙම දඬුවම ලබා දී ඇති අතර, Lee Myung-bakට ඩොලර් මිලියන 11.5ක දඩ මුදලක් ගෙවීමට ද නියම කෙරිණි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මෙය දේශපාලන පලිගැනීමක් බවය.

විවිධ චෝදනා මත සිරගත කෙරුණු සිව්වෙනි දකුණු කොරියානු හිටපු නායකයා මොහු වන අතර, Lee Myung-bakට පෙර සිටි නායකයාට ද පසුගිය අප්‍රේල් මස සිර දඬුවම් නියම විය. බලය අවභාවිත කිරීම සහ අයුතු බලපෑම් එල්ල කිරීම යන චෝදනා ඔප්පු වීමත් සමග Park Geun-hyeට වසර 33ක සිර දඬුවමකට යටත් වීමට සිදු වුණි.

අයහපත් සෞඛ්‍ය තත්වයක් ගැන සඳහන් කරමින් දඬුවම් නියම කරන අවස්ථාවේ Lee Myung-bak අධිකරණයේ පෙනී සිටියේ නැත.

සිදුකර ඇති අපරාධවල බරපතළ බවහේතුවෙන් "චූදිතයාට අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් ලබා දිය යුතු," බව සෝල් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව, සැම්සුන් ආයතන ප්‍රධානියාට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීම සඳහා Lee Myung-bakබිලියන ගණනක මුදලක් අයුතු ලෙස ලබාගෙන ඇත. නමුත්, සැම්සුන් ආයතනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න