ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියා අතුරුදහන් !

ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියා අතුරුදහන් !

ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සෞදි අරාබි ජාතික ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් තුර්කි බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ සෞදි කොන්සල් කාර්යාලයේදී අදාළ මාධ්‍යවේදියා ඝාතනයට ලක්ව ඇති බවට සැකයක් පවතින බවය.

මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන තවත් අනාවරණයක් වන්නේ ඝාතනය වී ඇති බව කියන මාධ්‍යවේදී ජමාල් කශෝගි සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුව  දැඩි ලෙස විවේචනය කරන අයෙකු බවය. එසේම මෙම ඝාතනය සම්බන්ධව සෞදි පාලනයේ සම්බන්ධයක් ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.

වැඩිදුරටත් ඇති විදෙස් මාධ්‍ය තොරතුරු වලට අනුව ජමාල් කශෝගි  තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ සිය සෞදි බිරිඳගෙන් දික්කසාදවීමේ ලියකියවිලි ලබා ගැනීමට වන අතර  ඔහු විවාහවීමට සිටින තුර්කි පෙම්වතිය කොන්සල් කාර්යාලය ඉදිරිපිට පැය 11ක් සිටියද කශෝගි නැවත පැමිණ නැති බවත්ය.  

කෙසේ වෙතත්, ඔහු ඝාතනයට ලක්වීමේ චෝදනා ප්‍රතික්ෂේප කරන සෞදියේ සල්මාන් කුමරු කියා සිටින්නේ  කොන්සල් කාර්යාලය අවශ්‍ය නම් තුර්කි බලධාරීන්ට පරීක්ෂා කළ හැකි බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න