2019  මැතිවරණයෙත් ජය මෝදිට ! 

2019  මැතිවරණයෙත් ජය මෝදිට ! 

2019 වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය යළි බලයට පැමිණෙනු ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ.බී.පී. නිව්ස් සහ සී - වෝටර් මගින් පැවැත්වූ මෙම සමීක්ෂණයට අනුව ආසන 543 කින් යුත් ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 276 ක් වත් පාලක සන්ධානය දිනාගනු ඇති අතර රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය ආසන 155 ක් ලබාගැනීමට නියමිතව ඇත.

කෙසේ නමුත් පසුගිය 2014 මහ මැතිවරණයේදී මෝදීගේ පාලක සන්ධානය  ආසන 336 ක් ජයග්‍රහණය කල අතර කොන්ග්‍රසය ආසන 112 ක් ලබාගෙන තිබිණ.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තවත් ජන වරමක් හිිමිවන බවත් ඉන්දීය ජනතාව අතුරෙන් සියයට 47 ක් විශ්වාස නොකරන බවද වාර්තා වන බවද එම වාර්තාවල දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න