එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට අළුත් රාජ්‍ය 18ක් එක්වෙයි !

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට අළුත් රාජ්‍ය 18ක් එක්වෙයි !

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉන්දියාව ඇතුළු  නව රාජ්‍යන් 18 ක් එක් වී ඇති බව වාර්තා වෙයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට  එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ පසුගියදා  පැවැති ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තේරි පත් වී ඇත.

ඒ අනුව මෙම නව රාජ්‍යන් 18 ට වසර තුන බැගින් වූ ධූර කාල දෙකක් හිමි වනු ඇති.

කෙසේ වෙතත් හියුමන් රයිට් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, නව සාමාජිකත්වය ලැබු ඇතැම් රටවල් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ.

එම විරෝධය එල්ල වී ඇත්තේ පිලිපිනය, එරිත්‍රියාව, බහරේන් සහ කැමරුන් වැනි රාජ්‍යන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට පත්වීම පිළිබඳවය. 
 පිලිපිනය, එරිත්‍රියාව, බහරේන් සහ කැමරුන් ආශ්‍රිතව බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණයවීමේ සිදුවිම් වාර්තාවීම හමුවේ මෙලෙස විරෝධය එල්ල වී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න