ජමාල් කශෝගී සොයා : ඇමරිකානු රාජ්‍ය ලේකම් සෞදියට !

ජමාල් කශෝගී සොයා : ඇමරිකානු රාජ්‍ය ලේකම් සෞදියට !

මාධ්‍යවේදී  ජමාල් කශෝගීව  සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි මරා දමා ඇතැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු කාරණා විමසා බැලීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සෞදි අරාබිය බලා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙසේ සෞදිය බලා පැමිණියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ උපදෙස් පරිදිය. 

ඇමෙරිකන් පුරවැසියකු මෙන්ම, මාධ්‍යවේදියකු ද වුණු 60 හැවිරිදි කාශෝගී අතුරුදන්වීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බවත්, සිදුවුණේ කුමක්දැයි සොයා බැලීම කළ යුතු බවත්  ජනාධිපති ට‍්‍රම්ප් පවසා ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය දෙවැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී කාශෝගී අතුරුදන් වූ අතර ඔහු  සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුව  දැඩි ලෙස විවේචනය කළ අයෙකු වශයෙන් ප්‍රසිද්ධය.

කොන්සල් කාර්යාලයේ දී සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි කශෝගී ඝාතනය කෙරුණු බවටත්, සිරරු කබා කොටස් කර තානාපති කාර්යාලයෙන් ඉවත් කෙරුණු බවටත් තොරතුරු ලැබී ඇති බව පරීක්ෂණ පවත්වන තුර්කි ආරක්ෂක අංශ පවසා ඇත.

සල්මාන් රජු හමුවී, මාධ්‍යවේදී කශෝගී ගැන සාකච්ඡා  කිරීමෙන් පසු, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ තුර්කිය බලා යෑමටත්, ඉස්තාන්බුල් හි සෞදි කොන්සල් කාර්යාලයට ගොස් මාධ්‍යවේදියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සොයා බැලීමට නියමිත බවත් විදේ මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න